මහ බැංකුවෙන් නිවේදනයක්..

ආර්ථික අර්බුද හේතුවෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ප්‍රතිව්‍යුහගතකරණයට මහ බැංකුව දුන් සහන කාලය අදින්..

by Staff writer 31-03-2025 | 10:11 AM

COLOMBO (News 1st) –ආර්ථික අර්බුද හේතුවෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දී තිබූ සහන කාලය, අදින් අවසන් වෙයි.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගය, අද දිනය දක්වා දීර්ඝ කිරීමත් සමග එම කාලසීමාව ප්‍රකාශයට පත් කෙරිණ.  

බලපත්‍රලාභී බැංකු සහ ණය තොරතුරු කාර්යාංශය සමඟ සම්බන්ධීකරණයෙන්, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කෙරෙනු ඇති.

ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම සම්බන්ධයෙන් මෙතෙක් බැංකු සමග සාකච්ඡා නොකළ ව්‍යවසායකින්ට මුදල් අමාත්‍යංශය දැනුම් දෙන්නේ, ඒ සඳහා අද දිනයේ ද අවස්ථාව පවතින බවයි.