ප්‍රදේශ රැසක උෂ්ණත්වය අවදානය යොමු කළ යුතු මට්ටමක

ප්‍රදේශ රැසක උෂ්ණත්වය අද අවධානය යොමු කළයුතු මට්ටමක - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 31-03-2025 | 7:14 AM

COLOMBO (News 1st) –ප්‍රදේශ රැසක උෂ්ණත්වය අද අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රිකවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි.

ඒ අනුව එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමාකිරීම වඩාත් සුදුසු වන අතර ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම ඉතාම වැදගත් බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවෙස් තුළ රැදී සිටින වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳව ද සැලකිලිමත් වියයුතු බවයි.