ශම්මි සිල්වා නැවතත් ක්‍රිකට් සභාපති ධුරයට

ශම්මි සිල්වා 4 වැනි වරටත් නිතරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට තේරී පත්වෙයි..

by Staff writer 31-03-2025 | 11:06 AM

COLOMBO (News 1st) – ශම්මි සිල්වා මහතා නිතරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තේරී පත්විය.

ඒ, අද කොළඹදී පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ය.

ඒ අනුව 2025 සිට 2027 වසර දක්වා ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කරනු ඇති.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස තේරී පත්වූ සිව්වැනි අවස්ථාව මෙයයි.