.webp)
-589028.jpg)
ඒ අතර කාන්තා රැඳවියන් 25 දෙනෙකු ද වේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ,ඊයේ (22) රාත්‍රියේ සිට ඇතිවූ කලහකාරී තත්ත්වයෙන් අනතුරුව එම පියවර ගත් බවයි.
කලහකාරී තත්ත්වය අතරතුර බන්ධනාගාරයේ ආහාර ගබඩාව රැඳවියන් විසින් විනාශ කර තිබේ.
සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් තුන්දෙෙනකෙු සුළු තුවාල ලබා ඇති අතර, ප්‍රතිකාවලින් පසු ඔවුන් රෝහලෙන් පිටව ගොස් ඇති බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
මාතර බන්ධනාගාරයේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවන් තුන් දෙනෙකුගේ සමීපතමයින් කිහිප දෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට විරෝධය පළ කරමින් රැඳවියන් නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වාර්තාවේ.
පිරිස සන්සුන් කිරීම සඳහා එක් අවස්ථාවක බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තැබීය.
වාට්ටුවල දොරගුළු කඩා රැඳවියන් පිටතට පැමිණිමට ගත් උත්සාහයක් වැළැක්වීමට පොලිසිය ඊයේ (22) රාත්‍රි කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේ ය.
තත්ත්වය පාලනය සඳහා බන්ධානගාරයේ පිටත ආරක්ෂාවට පොලිසිය හා විශේෂ කාර්ය බලකාය යෙදවීමට ද පියවර ගැණින.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර, හෙට(24) බන්ධනාගාර මූලස්ථාන කණ්ඩායමක් විසින් හානි වූ දේපල තක්සේරු කිරීම් සිදුකිරීමට නියමිතයි.
