මීළඟ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන?

මීළඟ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය...

by Staff writer 23-07-2025 | 9:34 PM

COLOMBO (News 1st) - මීළඟ අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකමතිකව අනුමත කරතිබේ.

ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයෙකු වන ප්‍රීති පද්මන් සූරසේන මහතා මීට පෙර අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු ලෙසද සේවය කළේ ය.

වත්මන් අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු, මෙම මස 27 වැනිදා එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතයි.