.webp)
ඒ , ඔහු අද (30) පොල්ගහවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 28 වැනිදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ, පොතුහැර ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක විමර්ශනවලට අදාළවයි.
සැකකාර නිශාන්ත උළුගේතැන්න මහතා අදාළ සිද්ධිය සිදුවූ බව කියන 2010 වසරේ නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා සිරගත කර තිබූ බව කියන නීති විරෝධී රඳවා ගැනීමේ මධ්‍යස්ථානය, ඔහු යටතේ ක්‍රියාත්මක වී ඇතැයි පොලිසිය අනාවරණය කළේ ය.
පොලිසිය සඳහන් කළේ, පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා දින ගණනාවකට පසු රැඳවුම් මධ්‍යස්ථානයේ සිට යොමු කරන ලද ලිපියක් මූලික කරගනිමින් විමර්ශන ක්‍රියාත්මක කළ බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය.