දහම් පාසල් විෂය මාලාවන් ප්‍රතිසංස්කරණයට සැලසුම්

යෝජිත පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව,දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවන් ද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් - නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක

by Staff writer 31-07-2025 | 8:43 AM

COLOMBO (News1st) - යෝජිත පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව,දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවන් ද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ,දහම් පාසල් ආශ්‍රිත ගැටලු හඳුනාගෙන ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.