ඩිජිටල් මුදල් ගෙවීම් 30%කින් ඉහළ නැංවීමට සැලසුම්

ඩිජිටල් මුදල් ගෙවීම් 30%කින් ඉහළ නැංවීමට මහ බැංකුවෙන් සැලසුම්.

by Staff writer 31-07-2025 | 7:22 AM

COLOMBO (News 1st) - මෙරට දෛනිකව සිදු කරන ඩිජිටල් මුදල් ගෙවීම් ප්‍රමාණය  30%කින් පමණ ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහි ගෙවීම් හා පියවීම් අංශයේ අධ්‍යක්ෂ K.V.K අල්විස් මහතා සඳහන් කළේ, ඊට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන බවයි.

ඩිජිටල් ගෙවීම් කාණ්ඩයට අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ONLINE BANKING  ගණුදෙනු මෙන්ම කාඩ්පත් ඔස්සේ සිදුකරන ගෙවීම් ඇතුළත් වේ.

ඒ් ආකාරයට දිනකට සිදුවන ගනුදෙනු ප්‍රමාණය 16 ලක්ෂ පනස්දහස ඉක්මවයි.

ඩිජිටල් ගෙවීම් පිළිබඳ ප්‍රවර්ධනය සමග දෛනිකව සිදුවන ඩිජිටල් ගෙවීම් ප්‍රමාණය 21 ලක්ෂ පනස්දහස සීමාවට රැගෙන ඒම සැළසුම බව K.V.K අල්විස් මහතා සඳහන් කළේ ය.