.webp)
1986 අංක 4 දරණ පනතින් ජනාධිපතිවරුන්ට ලබා දී ඇති හිමිකම් ඉවත් කිරීම මෙම පනත් කෙටුම්පතෙහි අරමුණයි.
එය ක්‍රියාත්මක වීම ඇරඹෙන දිනයට පෙරාතුව හිටපු ජනාධිපතිවරයෙකු හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද මාසික දීමනාවක් වේ නම් එය නොගෙවිය යුතු බවට මෙහි ප්‍රතිපාදන ඇතුළත් වෙයි.
ඊට අමතරව හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව හා නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම් මෙන්ම, හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවන මාසික විශ්‍රාම වැටුප ද, නව පනත් කෙටුම්පත අනුව අහෝසි කිරීමට යෝජිතයි.
පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ ඊට පසුව තවදුරටත් එකී පහසුකම් හා දීමනා නොගෙවිය යුතු බව මෙහි සඳහන් ය.