මැදවච්චිය යකාවැවදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

මැදවච්චිය යකාවැවදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

by Staff writer 24-08-2025 | 4:46 PM

COLOMBO (News 1st) - මැදවච්චිය, යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ එම ස්ථානයේ රැඳී සිටි තාවකාලික දුම්රිය ගේට්ටු මුරකරු එලෙස මියගොස් ඇති බවයි.

කොළඹ කොටුව සිට මන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක ගැටී ඔහු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා 34 හැවිරිදි යකාවැව ප්‍රෙදේශයේම පදිංචි දෙදරු පියෙකි.