ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යළි විමර්ශනයක්

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් CIDයෙන් යළි විමර්ශනයක්

by Staff writer 24-08-2025 | 4:41 PM

COLOMBO (News 1st) - මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළි පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, මෙතෙක් කළ විමර්ශනවලට අතිරේකව නව විමර්ශනය ආරම්භ කළ බවයි.

2009 වසරේ ජනවාරී 9 වැනිදා රත්මලානේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්විය.

ඒ, සිය මෝටර් රථයෙන් කාර්යාලය බලා යමින් සිටියදී ය.

මේ අතර මාධ්‍යවේදී කීත් නෙයාර් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන ගොනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපතිවරයා වෙත යොමුකර තිබේ.