.webp)
-600325.jpg)
තිස්සමහාරාමය පන්නේගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව, අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටීමෙන් 28 හැවිරිදි වීරවිල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු මිය ගියේය.
කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ දුම්මලදෙනිය ප්‍රදේශයේදී යතුරුපැදියක් පන ගැන්වීමට යාමේදී රියදුරුට පාලනය කරගත නොහැකිව ලොරි රථයක ගැටීමෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙකි.
පස්යාල ගිරිඋල්ල ඩි එස් හන්දිය අසලදී යතුරුපැදියක් ප්‍රයිමුවර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන්කළ වයස අවුරුදු 17ක නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ,කල්පිටිය සොත්තුපිටිවාඩිය ප්‍රදේශයේ දී ද යතුරු පැදියක් පා පැදියක ගැටීමෙන් පා පැදිකරු මියගොස් ඇති බවයි.
මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 61ක තලවිල පාලකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
