.webp)
-600307.jpg)
එක්සත් ජාතීන්ගේ 80 වැනි සැසිවාරය අතරතුර එම හමුව සිදුව ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයේදීයි.
එම හමුවේදී පසුගිය වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ කරුණු සාකච්ඡා කර තිබේ.
එම අවස්ථාවට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ද එක්වී තිබේ.
මේ අතර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජේ ජයශංකර් මහතා හමුවිය.
එහිදී දෙපාර්ශවය ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාව පිලිබඳ නැවතත් තහවුරු කර තිබේ.
එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ තමන් ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් මහත්මියද හමුවූ බවයි.
සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් විජිත හේරත් මහතා සඳහන් කළේ, එහිදී දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ ඵලදායීව සාකච්ඡා කෙරුණු බවයි.
එක්සත් ජාතීන්ගේ 80 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා පිටත්ව ගිය ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ ඇමරිකාවට ළගා විය.
ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ජානධිපතිවරයා පිළිගනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පිරිස විසින් ය.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙරට වේලාවෙන්හෙට අලුයම එක්සත් ජාතීන්ගේ 80 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.
