.webp)

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් වයඹ පළාතේත් අම්පාර, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි.
මේ අතර, බලපිටිය සිට කොළඹ, පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 55 ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බලපිටිය සිට කොළඹ, පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවයි.
මේ අතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නායයෑම් පිළිබඳ ඉවත් වීමේ රතු නිවේදනය තවදුරටත් බලාත්මක වෙයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ , මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, උඩදුම්බර, සහ මිනිපේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, මතුරට සහ වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.
මේ අතර, ජලාශ 88 ක් වාං දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජල විද්‍යා ඒකකයේ අධ්යක්ෂ එල් එස් සූරියබණ්ඩාර පැවසුවේ , ඒ අතර මධ්‍යම පරිමාණයේ ජලාශ 52 ක් වන බවයි.
මේ අතර, මහවැලි අධිකාරියට අයත් කණ්ඩලම, කලාවැව හා මාදුරුඔය ජලාශ වාං දමමින් ඇතැයි ජල පාලන ලේකම් කාර්යාලය පවසයි.
එහි අධ්යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල සඳහන් කලේ, ඒ හරහා නිකුත් කෙරෙන ජලය හරහා මහජනතාවට කිසිදු බලපෑමක් සිදුනොවන බවයි.
උල්හිටිය හා මොරගහකන්ද ජලාශවල වාං දොරටු විවෘත කර ඇතැයිද ඔහු පැවසුවේ ය.
