.webp)

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සදහන් කළේ, අද පස්වරුවේ ඔහු දිවයිනට පැමිණීමට නියමිත බවයි.
ඔහු මෙරටට පැමිණෙන්නේ, මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දීය සහන පැකේජයක් ලබාදීම වෙනුවෙන් ය.
ආපදාවට පත්වූ මෙරට ජනතාව වෙනුවෙන් ඉන්දියාව ආරම්භ කළ සාගර බන්දු මෙහෙයුමේ තවත් පියවරක් සනිටුහන් කිරීම, එස් ජයශංකර්ගේ සංචාරයේ තවත් අරමුණක් බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මේ අතර, චීනයේ, ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලේජි, දෙදින නිල සංචාරයක් සදහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ආපදාවට ලක් වූ මෙරට ජනතාවට උපකාර කිරීමේ ඉදිරි වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීම සදහා තවත් දූත පිරිසක් සමග ඔහු දිවයිනට පැමිණෙන බවයි.
ෂාඕ ලේජි, චීන ජනාධිපති සහ අගමැතිගෙන් පසු, එරට ආණ්ඩුවේ තුන්වැනි ප්රබලතම සාමාජිකයායි.
