විදුලි වෘත්තිය සමිති වර්ජන තීරණය අත්හිටුවයි

විදුලි වෘත්තිය සමිති වර්ජන තීරණය තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 24-09-2025 | 4:44 PM

COLOMBO (News 1st) -  වැඩවර්ජනයකට එළැඹීමේ තීරණය තාවකාලිකව අත්හිටවූ බව අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින විදුලි වෘත්තිය සමිති පවසයි.

ලං.වි.ම. කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේ, අද(24) පැවති සාකච්ඡාවකදි එම තීරණය ගත් බවයි.

විපක්ෂයේ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෘත්තිය සමිති සමඟ ඉංජිනේරු සංගමය මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ, ප්‍රතිව්‍යුහගතකරණයේදි ඔවුන්ට ලැබිය යුතු කොන්දේසි ඉදිරිපත් කරමින් ය.

විදුලි වෘත්තිය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අදට දින 20ක් වේ.