.webp)
-600313.jpg)
ඒ මරණ වලට නිශ්චිත හේතුව තහවුරු කර ගැනීම සඳහායි
තංගල්ල මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී රුවන් නානයක්කාර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කළේ ය.
එහි දී අනාවරණය වී ඇත්තේ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් එම පුද්ගලයින්ට ශරීරගතව ඇති බවයි
මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා විසින් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පෙරේදා(22) උදෑසන පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවක දී තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මල සිරුරු සොයා ගැණුනි.
අදාළ නිවසේ අසාධ්‍ය තත්වයෙන් සිටි තවත් පුද්ගලයෙකු ද තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියේය.
පසුව සිදුකළ විමර්ශන වල දී ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන දසදහසකට ආසන්න බව පොලීසිය පැවසයි.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ අදාල මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටක සැගව සිටින අපරාධ රැසකට සම්බන්ධ උනාකූරුවේ ශාන්ත නැමැත්තාට අයත් බවයි.
අදාල මත්ද්‍රව්‍ය තොගය පසුගිය 21 වැනිදා කුඩාවැල්ල, මාවැල්ල වෙරළ ප්‍රදේශයට බෝට්ටු දෙකක් ආධාරයෙන් මෙරටට රැගෙනවිත් තිබේ.
එහිදී එම මත්ද්‍රව්‍ය තොගය ඒ ආසන්නයේ පිහිටි පාලු නිවසක පළමුව ගබඩා කර තිබු බවට ද තොරතුරු අනාවරණව වී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
පසුව ලොරියකින් අවස්ථා දෙකක දී එම මත්ද්‍රව්‍ය තොගය තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ අදාල පුද්ගලයින් මියගොස් සිටි නිවස වෙත රැගෙන විත් තිබේ.
මේ අතර පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි
අත්අඩංගුවට ගත් පිරිස අතර රෝහලේ දී මියගිය පුද්ගලයාගේ පුත්‍රයින් දෙදෙනා, මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් තුන් දෙනා සහ එක් ලොරියක රියදුරෙකු ද වේ.
මේ අතර ඊයේ(23) දිනයේ අත්අඩංගුවට ගත් ලොරියේ රියදුරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැදවුම් නියෝග ලබා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
