.webp)
ය-600481.jpg)
ඒ, අදාළ අනතුර සම්බන්ධයෙන් පන්සියගම පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීම සළකා බලමින් ය.
පරික්ෂණ සඳහා යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ සහය ලබාගන්නැයි ද, මහේස්ත්‍රාත්වරිය පොලීසියට දැනුම් දුන්නේ ය.
අපවත් වූ භික්ෂූන් වහන්සේගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, උන්වහන්සේගේ දේහයන් භාරකරුවන් වෙත මුදා හරින්නැයි කුරුණෑගල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ ය.
මේ අතර අපවත් වූ භික්ෂූන් වහන්සේගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අද පස්වරුවේ සිදු කෙරිණ.
ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරින් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් විය.
රුසියා, රුමේනියා සහ ඉන්දීය ජාතික භික්ෂූන් වහන්සේ තුන් නමක් ද, ඒ අතරට ඇතුළත් ය.
අනතුරින් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ හය නමක් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඉන්, දෙනමක් ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේ ය.
