ඊශ්‍රායල අගමැති කාර්යාලයෙන් X සටහනක්

පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

by Staff writer 25-09-2025 | 11:26 AM

COLOMBO (News 1st) - බටහිර රාජ්‍යයන් විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතික්ෂේප කර තිබේ.

එම තීරණ මගින්, ඊශ්‍රායලය කිසිඳු ආකාරයකින් නැවැත්විය නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

පලස්තීන රාජ්‍යයක් බිහි නොවනු ඇති බවත් එරට අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ස් සටහනක් නිකුත් කරමින් සඳහන් කරන ලදි.

ප්‍රංශය සහ බෙල්ජියම පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවට නිල වශයෙන් නිවේදනය කර තිබුණි.

එමෙන්ම බ්‍රිතාන්‍ය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ පෘතුගාලය යන රටවල්ද, පසුගියදා පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කළේ ය.