තංගල්ල මුහුදෙන් මතුවූ මත්ද්‍රව්‍ය ගැන අනාවරණයක්

තංගල්ල මුහුදෙන් සොයාගත් මත්ද්‍රව්‍ය දකුණේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව විමර්ශනවලදී අනාවරණය වෙයි.

by Staff writer 15-10-2025 | 10:49 AM

COLOMBO (News1st) -  තංගල්ල මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය දකුණු පළාකේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව පොලිසිය පවසයි.

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය තොගය බෝට්ටු 4 කින් මෙරට මුහුදු තීරයට රැගෙන විත් ඇති බවයි.

අදාළ බෝට්ටු ගොඩබිමට සමග සන්නිවේදන සබඳතා ක්‍රියා විරහිත කොට මුහුදු තීරයට ඇතුළු වී ඇති බවද අණාවරණ වී තිබේ.

ආරක්ෂක අංශ සිදුකරනවලට මෙහෙයුම්වලට බිය වී මත්ද්‍රව්‍ය තොගය මුහුදට දමා බෝට්ටු යළි ගොස් ඇති බවද පොලීසිය පැවසයි.

ඒ අනුව මුහුදේ පාවෙමින් තිබූ උර 51 ක් ඊයේ නාවික හමුදාව විසින් සොයාගෙන තංගල්ල ධීවර වරාය වෙත රැගෙන පැමිණි අතර

එම උරවල  තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 856 කි.

ඒ අතර අයිස් කිලෝ ග්‍රෑම් 670 ක්, හෙරෝයින් කිලෝ ග්‍රෑම් 156 ක් හා හෂීස් කිලෝග්‍රෑම් 12කට අධික ප්‍රමාණයක් වේ.

අදාළ මෙහෙයුම සිදු කර ඇත්තේ නාවික හමුදාව හා පොලීසිය ඒකාබද්ධවයි.

මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කොට්ඨාසයට භාර දී තිබේ.

මේ අතර ඊයේ(14) රාත්‍රීයේ තංගල්ල ධිවර වරායට පැමිණි නාවික හමුදාපතිවරයාද අදාල මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂනය කළේ ය.

මෙම ස්ථානයට පැමිණි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසුවේ, ජාවාරම පිටුපස සිටි සෑම පුද්ගලයෙකුම අත්අඩංගුවට ගන්නා බවයි