මනූෂ නානායක්කාර අල්ලස් කොමිසම හමුවට

මනූෂ නානායක්කාර අල්ලස් කොමිසම හමුවට

by Staff writer 15-10-2025 | 10:57 AM

COLOMBO (News1st) - හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද(15) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදු වු අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනකට අදාළවයි.

අල්ලස් කොමිසම විසින් තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ඔහු ගොනු කර තිබූ ඇප අයැදුම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ(14) ප්‍රතික්ෂේප කළේ ය.

එහිදි හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ නීතිඥයා අධිකරණයට පැවසුවේ ඔහු අද(15) දිනයේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන බවයි.