මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

by Staff writer 15-10-2025 | 1:43 PM

COLOMBO (News1st) - හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මීට ටික වේලාවකට පෙර  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදු වු අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.

ප්‍රකාශය ලබා දීම සඳහා ඔහු අද(15) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට පැමිණියේය.