.webp)
COLOMBO (News 1st) - යුක්‍රේන - රුසියානු යුද ගැටුම් සම්බන්ධ වූ සමුලුවකට ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟ වී තිබේ.
එම එකඟතාව පළ කර ඇත්තේ නායකයින් දෙදෙනා අතර ඊයේ පැවති දුරකතන සාකච්ඡාවකදීය.
අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ එය ඉතා ඵලදායි සාකච්ඡාවක් වූ බවය.
එහිදී නායකයින් දෙදෙනා හංගේරියාවේදී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමටද එකඟ වී තිබේ.
එහෙත් ඔවුන් දෙදෙනා හමුවන දිනයක් හෝ වේලාවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
රුසියා - යුක්‍රේන යුද ගැටුම් අවසන් කිරීම එම සමුළුවේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ය.
අමෙරිකානු රාජ්‍ය ලේකමෙවරයාද ඇතුළත්ව දෙරටේම ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් ලබන සතියේ හමුවී සාකච්ඡා කිරීමටද නියමිත බව දුරකතන ඇමතුමෙන් පසුව මාධ්‍ය අමතමින් ඇමරිකානු ජනාධිපතිවරයා පවසන ලදි.
මේ අතර කිලෝමීටර් 2,500දුරට ප්‍රහාර එල්ල කළ හැකි දියුණු මිසයිල යුක්රේනයට ලබා දෙන ලෙස යුක්‍රේන ජනාධිපතිවරයා ඇමරිකාවෙන් ඉල්ලා තිබුණි.
එහෙත් ලබා දීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා තවම නිශ්චිතව පිළිතුරු ලබා දී නැහැ.