දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදයි..

දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදයි..

by Staff writer 17-10-2025 | 7:02 AM

COLOMBO (News 1st) - දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව ආයතනික සහ සමාජීය වශයෙන් නොසලකා හැරීම් පිටු දැක ගෞරවය හා ඵලදායී සහය දිළිඳු පවුල් වෙත යොමු කිරීම යන්නයි.

දිළිඳු බව ලොව වෙලා ගත් දැවෙන ප්‍රශ්නයක්.

එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ලොව ජනගහනයෙන් මිලියන 700 ක් දිළින්දන් වේ.

ඉන් වැඩි කොටසක් දිවි ගෙවන්න් අප්‍රිකානු සහරා උප මහද්වීපයේ ය.

දිළිඳු බවින් පෙලෙන බොහෝ පිරිසක් විවිධ ගැටුම්වලට මැදිවූවන්ය.

2022 වසරේ පැන නැගි ආර්ථික අර්බුදයත් සමග මෙරට දිළිඳුබව යළිත් ඉහළ ගියේ ය.

ලෝක බැංකු තක්සේරුවලට අනුව මෙරට දිළිඳු ජනගහනය සමස්ත ජනගහනයෙන් සියයට 24 ක්.