ඉන්දීය සහ නවසීලන්ත කණ්ඩායම් අතර තීරණාත්මක තරගය අද

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සහ නවසීලන්ත කණ්ඩායම් අතර තීරණාත්මක තරගය අද

by Staff writer 23-10-2025 | 10:40 AM

COLOMBO(News1st) - 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සහ නවසීලන්ත කණ්ඩායම් අතර තීරණාත්මක තරගය අද පැවැත්වේ.

අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට නම් කණ්ඩායම් දෙකමට අද තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් වේ.

ඉන්දියාවේ නවි මුම්බායිහිදි පැවැත්වෙන අද(23) තරගය මෙරට වෙලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි.