ද. ආසි. මලල ක්‍රීඩා ශූරතාවලිය: අනුශූරතාව ලංකාවට

2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට.. ශූරතාවය ඉන්දියාවට..

by Staff writer 27-10-2025 | 8:30 AM

COLOMBO (News1st) -රටවල් 6ක සහභාගීත්වයෙන් පැවති 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ  දී ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරතාවය හිමි කර ගත්තේ ය.

ශූරතාව හිමි කර ගත්තේ ඉන්දියාවයි.

සිව්වැනි දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්විණ.

ඒ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින යන දකුණු ආසියානු රටවල සහභාගීත්වයෙන් ය.

ඊට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 200කට අධිකයි.

ශූරතාවලියේ සමාප්ති උත්සවය ඊයේ රාත්‍රියේ පැවැත්විණ.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 16ක් රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් සමගින් දිනූ සමස්ථ පදක්කම් සංඛ්‍යාව 40කි.

ඒ අනුව මෙවර දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ශූරතාවය හිමි කර ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

ඔවුන් රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 20ක් සහ ලෝකඩ පදක්කම් 18ක් සමගින් දිනූ සමස්ථ පදක්කම් සංඛ්‍යාව 58කි.