.webp)
-602646.jpg)
COLOMBO (News 1st) - පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වැයවන මුදල් ප්‍රතිපාදන ලබන වසරේ අයවැය ඇස්මේන්තුවලට ඇතුළත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා සඳහන් කළේ ඒ සඳහා රුපියල් බිලියන 10ක වැය ඇස්තමේන්තුවක් මුදල් අමාත්‍යාංශය විසින් අනුමත කර ඇති බවය.
මේ වසරේදීද පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් අනුමත වී තිබූ බවද සභාපතිවරයා පවසන ලදි.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය සම්බන්ධයෙන් දැනට ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයට විසදුම් ලැබුණු පසු මැතිවරණය පැවැත්විය හැකි බව ඔහු සඳහන් කළේ ය.
ඊට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේදී සම්මත විය යුතු බවද සභාපතිවරයා පවසන ලදි.
ඔහු පැවසුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ක්‍රමය සම්බන්ධයෙන් කඩිනමින් එකඟතාවයට එළඹීමට පියවර ගන්නා බවය.
