මත්තල ගුවන්තොටුපළ වන සත්ත්ව තර්ජනවලින් අරක්ෂිතයි

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන සතුන්ගේ තර්ජනවලින් ආරක්ෂිත ගුවන්තොටුපළක් ලෙස සහතික කෙරේ - සිවිල් ගුවන් සේවා අධිකාරිය

by Staff writer 29-10-2025 | 10:25 AM

COLOMBO (News 1st) - මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළක් වන සතුන්ගේ තර්ජනවලින් ආරක්ෂිත ගුවන්තොටුපළක් ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය සහතික කර තිබේ.

ඒ එම ගුවන්තොටුපළට වන සතුන්ගෙන් එල්ල වන තර්ජන  වැලැක්විමට පියවර ගැනීමත් සමගය.

ඒ අනුව එම ගුවන්තොටුපළට වෙත මෙහෙයුම් කරන ගුවන් සේවා සංඛ්‍යාව වැඩි කර ගැනීමේ සකාච්ඡා ආරම්භ කළ බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ ය.

දැනට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට මෙහෙයුම් කරන ගුවන් සේවා සංඛ්‍යාව 4කි.

නව ගුවන් සේවා පැමිණීමත් සමග ගුවන්තොටුපළට මෙහෙයුම් අලාභය අඩු කර ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මත්තල ගුවන්තොටුපළට මාසිකව රුපියල් මිලියන 250ක පාඩුවක් ලබයි.