.webp)
-602810.jpg)
COLOMBO (News 1st) - අද පෙරවරු 8 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ වෛද්‍ය වැඩ වර්ජනය දහවල් 12 දක්වා කල් දමා තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවල ලිඛිත එකඟතා ලබා දෙන තෙක් වැඩ වර්ජනය කල් දැමූ බවය.
 
