.webp)

ඒ, ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.
හෙරොයින් ග්‍රෑම් 9 යි මිලි ග්‍රැම් 8 ක් සමග ගාල්ල කලේගානේදී, ගාල්ල පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණේ, 2014 වසරේ මැයි 9 වැනිදායි.
හෙරොයින් ජාවාරම් කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්න්ධයෙන් නීතිපතිවරයා, පසුව ගාල්ල මහාධිකරණය හමුවේ ඇයට එරෙහිව අධි චෝදනා ගොනු කළේ ය.
දිර්ඝ නඩු විභාගයකින් පසු හෙරොයින් ජාවාරම් කිරීමේ අධි චෝදනාවෙන් විත්තිකාරිය නිදොස් කොට නිදහස් කෙරුණි.
ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණේ, හෙරොයින් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරු කරමින් ය.
එලෙස සිරදඬුවම් නියම වුණේ, හික්කඩුවේ පදිංචි 55 හැවිරිදි කාන්තාවකටයි.
