බැකෝ සමන්ගේ බිරිඳට ඇප

බැකෝ සමන්ගේ බිරිඳට ඇප

by Staff writer 31-10-2025 | 6:05 PM

COLOMBO(News1st) - බැකෝ සමන්ගේ බිරිඳ වන සැකකාර සාධිකා ලක්ෂානි ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේ ය.  

ඒ, රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20 බැඟින් වූ ශරීර ඇප දෙකක් මතයි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 (2) වගන්තිය ප්‍රකාරව සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත්වී නොමැති අවධාරණය කරමින්, මහේස්ත්‍රාත්වරයා එලෙස ඇප නියම කළේ ය.  

සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසයි.

ඇගේ ගුවන් ගමන් බලපත්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇතැයි සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා එහිදී පැවසුවේ ය.

සැකකාරියට සෑම ඉරු දිනකම පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි ද, මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.  

නඩුව, ජනවාරි 22 යළි කැඳවීමට නියමිතයි.