හෙරොයින් සහ අයිස් සමග 04 ක් අත්අඩංගුවට..

හෙරොයින් සහ අයිස් සමග 04 ක් අත්අඩංගුවට..

by Staff writer 06-11-2025 | 4:49 PM

COLOMBO (News 1st) - හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රැම් 500 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 680ක් සමග 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාශය හෝමාගම වෑකන්ද ප්‍රදේශයේ කළ මෙහෙයුමකදීය.

අත්අඩංගුවට ගත් පිරිස අතර 22 හැවිදිරි කාන්තාවක් ද වෙයි.

සෙසු සැකකරුවන් තුන්දෙනා  22 , 25 සහ 34 වයස්වල පසුවන්නන් ය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත් බව කියන යතුරු පැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ඩුබායි අසංකගේ සමීපතමයින් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.