.webp)

COLOMBO (News 1st) - ආණ්ඩුව අකර්මණ්‍ය වීම හේතුවෙන් දිනක් තුළ අමෙරිකාවේ ගුවන් ගමන් 1,200ක් අවලංගු කර තිබේ.
ඒ ගුවන් ගමන් පාලකවරුන්ට වැටුප් රහිතව සේවය කිරීමට සිදුවී ඇති පසුබිමකය.
ඇට්ලන්ටා, නිව්වාර්ක්, ඩෙන්වර්, චිකාගෝ, හූස්ටන් හා ලොස් ඇන්ජලීස් ඇතුලු ගුවන්තොටුපොළවල් 40ක පමණ මෙම ගුවන් ගමන් අවලංගු කිරීම් සිදුකෙරුණි.
ආණ්ඩුව අකර්මණ්‍ය වීම හේතුවෙන් ගුවන් ගමන් පාලකවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ පිරිසකට මේ වන විට වැටුප් රහිත නිවාඩු ලබා දී තිබේ.
අමෙරිකානු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රොබට් අයිසොම් පැවසුවේ මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවය.
පසුගිය බ්‍රහස්පතින්දා අමෙරිකාවේ ගුවන් ගමන් 200ක් පමණ අවලංගු කර ඇත.
තවත් ගුවන් ගමන් 6,800කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
