.webp)
-604996.jpg)
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 3 ක මුල්‍ය ආධාර ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුව නිවේදනය කළේ ය.
ඒ , ආපදා වලින් විපතට පත්වූවන්ට සහන සලසන්නැයි ලක් රජය රජය කල ඉල්ලීමක් අනුවය.
සුළි කුණාටු වලින් බලපෑම් එල්ලවූ තායිලන්තයට අමෙරිකානු ඩොලර් මිලියන 2 ක් සහ වියට්නාමයට අමෙරිකානු ඩොලර් මිලියන 2 ක් මුල්‍ය ආධාර ලබා දෙන බව ද ආසියානු සංවර්ධන බැංකුව නිවේදනය කරන ලදි.
එම රජයන් කල ඉල්ලීම් අනුව ආසියානු සංවර්ධන බැංකුවේ ආසියා පැසිෆික් ආපදා ප්‍රතිචාර අරමුදලෙන් එම මුදල් ලබා දෙනු ඇත.
මේ අතර මෙරට විදුලිබල අංශය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ද ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් අනුමත කර තිබේ.
