.webp)

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි.
බස්නාහිර සහ සබරගමුව පළාත් මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට අද(05) රාත්‍රියේ ප්‍රබල අකුණු ඇති විය හැකි බව ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්ය.
එම නිවේදනය අද රාත්‍රී 11 දක්වා බලාත්මකයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
මේ අතර, උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි වන අතර මීගමුව සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 45 ක් පමණ දක්වා ඉහළ යා හැකියි.
