.webp)

COLOMBO (News 1st) - මේ අතර, දිස්ත්රික්ක 4කට නිකුත් කළ නායයෑමේ රතු නිවේදන තවදුරටත් ක්රියාත්මකයි.
මහනුවර , කෑගල්ල , කුරුණෑගල සහ මාතලේ දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.
මේ අතර කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවා තිබේ.
මහවැලි අධ්යක්ෂ ජනරාල්වරයා ජේ කේ හේරත් පැවසුවේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවය.
