යළි ප්‍රතිසංස්කරණය වන මෙරට දුම්රිය මාර්ග පද්ධතිය

ආපදාවෙන් විනාශ වූ දුම්රිය මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය අඛණ්ඩව

by Staff writer 17-12-2025 | 8:14 AM

COLOMBO(Newsfirst) - දිට්වා සුළි කුණාටුවෙන් ඇති වු ආපදාවෙන් විනාශ වූ දුම්රිය මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය අඛණ්ඩව සිදුවෙමින් පවතියි.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ(16) සිට ත්‍රිකුණාමලය කොළඹ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනය කිරීම ආරම්භ කළ බවයි.

අඹේවෙල - බදුල්ල අතර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණයද මේ වනවිට අවසන් කර තිබේ.

මහව සිට පොලොන්නරුව දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කර ඇතත් මෙතෙක් දුම්රිය ධාවනය සඳහා විවෘත කර නොමැත.

කලා ඔය පාලම ප්‍රතිසංස්කරණ කළ පසු කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා දුම්රිය ධාවනයට හැකියාව ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.