.webp)

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක්, කොහුවල සිදුවූ වෙඩි තැබීමට හේතුවී ඇතැයි පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සබඳතා පවත්වන අයෙකු බවට තොරතුරු අනාවරණවී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අයෙකු බවත් ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කරන ලදි.
25 හැවිරිදි අදාළ පුද්ගලයා ඊයේ (22) රාත්‍රී 8.30 ට පමණ කොහුවල ප්‍රදේශයේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි අයෙකු වෙඩි තබා පළාගොස් තිබුණි.
ඔහු මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
පලාගිය සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක වේ.
