චීන දූත පිරිසක් ද අද පෙරවරුවේ මෙරටට..

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ සාමාජික මෙන්මෂී සැං කලාපයේ ලේකම් වංග් ජුං සෙන් ඇතුළු දූත පිරිස දිවයිනට.

by Staff Writer . 23-12-2025 | 11:09 AM

COLOMBO (News 1st) - ඉහළ පෙළේ චීන දූත පිරිසක් ද අද (23) පෙරවරුවේ මෙරටට පැමිණියේ ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ ෂී සං කලාපයේ පක්ෂ ලේකම් වැන්ග් ජුන් ෂෙන්ග් (Hon. Mr. Wang Junzheng) ප්‍රමුඛ නියෝජිත පිරිස දිවයිනට පැමිණෙන ලදි.

ඔවුන් අද (23) සිට 25 දක්වා මෙරට රැඳී සිටිනු ඇති.

චීන - ශ්‍රී ලංකා ද්විපාර්ශික සබඳතා වර්ධනය කර ගැනීම සංචාරයේ අරමුණ වේ.