උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ක්‍රියාත්මකයි- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

by Staff writer 24-12-2025 | 6:44 AM

COLOMBO (News 1st) - උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද(24) සිට ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී සංඛ වීරසූරිය පැවසුවේ, දුර ගමන් සේවා සඳහා අමතර බස් රථ 80ක් ධාවනයට එක් කිරිමට කටයුතු කර ඇති බවයි.

මේ අතර ජාතික ගමනාගමන කොමිසම පැවසුවේ, මගී  අවශ්‍යතාව පරිදි බස් සේවා යොදවා ඇති බවයි.