.webp)
-606781.jpg)
COLOMBO (News 1st) - කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් ඇලක තිබී සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක් අනුව ඔහුගේ සිරුර අද (25) පෙරවරුවේ සොයා ගත් බවය.
සතුන් දඩයම් කිරිම සඳහා ඇද තිබු විදුලි රැහැනක ගැටීමෙන් ඔහු මියගොස් ඇති බවත්, ඉන් පසුව තරුණයාගේ සිරුර අසල කැලෑබද පිහිටි ඇලක සඟවා ඇති බවට පොලීසියට තොරතුරු ලැබි ඇත.
එම තොරතුරු ලැබී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ඇත්අඩංගුවට ගෙන ඇති සැකකරුවෙකුගෙන් ලද තොරතුරු අනුවය.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුලියාපිටිය රෝහලට රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරන ලදි.
