දිනක් තුළ අධිවේගී මාර්ගවල ආදායම 25%කින් ඉහළට..

දිනක් තුළ අධිවේගී මාර්ගවල ආදායම 25%කින් ඉහළට..

by Staff writer 25-12-2025 | 6:31 PM


ඊයේ (24) දිනයේ රුපියල් මිලියන 61ක ආදායමක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ, වාහන එක් ලක්ෂ 70000ක් අධිවේගී මාර්ගවල ගමන් කිරීම හේතුවෙනි.

සාමාන්‍ය දිනක අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායම, රුපියල් මිලියන 45ක්.

සාමාන්‍ය දිනකදී අධිවේගී මාර්ගවල වාහන එක් ලක්ෂ හතලිස් පන් දහසක් ගමන් කරන බව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ ය.