ආපදාවට ලක්වූ පවුල්වලට රු. 50,000 දීමනාව ගෙවීම ඇරඹේ

ආපදාවන්ට ලක්වූ පවුල් සඳහා මුළුතැන්ගෙයි උපකරණ ලබාගැනීම වෙනුවෙන් ලබා දෙන රුපියල් 50,000ක දීමනාව පවුල් 3665කට ගෙවා අවසන් - ආරක්ෂක අමාත්‍යාංශ සහන සේවා මධ්‍යස්ථානය

by Staff writer 27-12-2025 | 8:04 AM

COLOMBO (News 1st) - ආපදාවට ලක්වූ පවුල් සඳහා මුළුතැන්ගෙයි උපකරණ ලබාගැනීම වෙනුවෙන් රුපියල් 50,000 දීමනාව, පවුල්  3665 කට ගෙවා අවසන් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

එහි අතිරේක ලේකම් කේ.ජී.ධර්මතිලක මහතා පැවසුවේ ඒ සඳහා පවුල් 147628 සුදුසුකම් ලබා ඇති බවය.

25,000 සහ 50,000 දීමනාව ලබාදීම සඳහා ඉඩමේ අයිතිය බලනොපාන බවද ඔහු පවසන ලදි.