ග්වාතමාලාවේ බස් අනතුරකින් පුද්ගලයින් 15ක් මරුට

ග්වාතමාලාවේ සිදු වූ බස් අනතුරකින් පුද්ගලයින් 15ක් මියයයි..

by Staff writer 28-12-2025 | 10:55 AM

COLOMBO (News 1st) - ග්වාතමාලාවේ  සිදු වූ බස් අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

මීදුම හේතුවෙන් මාර්ගය පැහැදිලිව දර්ශනය නොවීම හේතුවෙන් අනතුර සිදු වී ඇතැයි සඳහන් වේ.