.webp)
-607081.jpg)
COLOMBO (News 1st) - සාම සැලැස්මක් සඳහා අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනපති වොලැදිමියර් සෙලෙන්ස්කි හමුවට පැය කිහිපයකට පෙර රුසියවෙන් ය්‍රක්‍රේනයට ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ.
ඩ්‍රෝන යානා 500 කට වැඩි ප්‍රමාණයක් සහ මිසයිල යාන 40 කට වැඩි ප්‍රමාණයක් ඒ අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ප්‍රධාන වශයෙන්ම යුක්‍රේනයේ කියෙව් අගනුවර සහ බලශක්ති පද්ධති ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර එල්ල වී තිබේ.
ප්‍රහාර හමුවේ පවුල් ලක්ෂ 5 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි සඳහන් වේ.
සාම සාකච්ඡා පැවැත්වීමට සුදානම් පසුබිමකදි එල්ල වු ප්‍රහාරයත් සමඟ යුක්‍රේන ජනපතිවරයා පැවසුවේ රුසියානු ජනපතිට සාමය අවශ්‍ය නොවන බවට ඉන් තහවුරු වන බවය.
