.webp)
-607112.jpg)
COLOMBO (News 1st) - මියන්මාරයේ මහ මැතිවරණයේ පළමු අදියර අද (28) ආරම්භ වුණි.
ඒ හමුදා ජුන්ටාව විසින් බලය අල්ලා ගැනීමෙන් පසු වසර හතරකට පසුවය.
අදියර 3 කින් මහ මැතිවරණය පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මහමැතිවරණයේ දෙවන අදියර ජනවාරි 11ත්, අවසන් අදියරය ජනවාරි 25 වනදාත් පැවැත්වීමට නියමිතය.
මෙවර මැතිවරණය සඳහා කොට්ඨාශ 692ක් ආවරණය කරමින් දේශපාලන පක්ෂ 57 ක අපේක්ෂකයින් 5,000 ක් පමණ සහභාගිවනු ඇත.
මියන්මාරයේ බොහෝ ප්‍රදේශවල සිවිල් යුද්ධයක් පැවතීම හේතුවෙන් මැතිවරණ ආසන වලින් 20 ක පමණ ඡන්ද කටයුතු නොපැවැත්වෙන බව ද විදෙස් මාධය වාර්තා කළේ ය.
