ඉන්ධන වර්ග කිහිපයක මිළ අද මැදියම් රැයේ සිට ඉහළට.

ඉන්ධන වර්ග කිහිපයක මිළ අද මැදියම් රැයේ සිට ඉහළට.

by Staff writer 05-01-2026 | 10:07 PM

COLOMBO(News1st) - අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය තිබේ.

ඒ අනූව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 5 කින්.

එහි නව මිල, රුපියල් 340 ක්.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5 කින් ඉහළ දමා තිබේ.

ඒ අනූව එහි නව මිල දැක්වෙන්නේ, රුපියල් 323 ක් ලෙසයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල,රුපියල් 2 කින් ද ඉහළ දමා තිබේ.

එහි නව මිල 279ක්

භූමිතෙල් ලීටරයක මිල ඉහල දමා ඇත්තේ රුපියල් 2 කින්

ඒ අනුව එහි නව මිල රුපියල් 182ක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ, ඔක්ටේන් 92 තෙල් මිලෙහි වෙනසක් සිදු නොවන බවයි.