ඇල්ල ඔඩිසි දුම්රිය අද (07) සිට යළි ධාවනයට

ආපදා හේතුවෙන් ඇණහිට තිබූ ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය අද (07) සිට යළි ධාවනය කෙරේ..

by Staff writer 07-01-2026 | 10:28 AM

COLOMBO(News1st) - ආපදා හේතුවෙන් ඇණහිට තිබූ ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය අද (07) සිට යළි ධාවනය වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (07) සිට සෑම බදාදා දිනකම අඹේවෙල සිට බදුල්ල දක්වා එම දුම්රිය ධාවනය කරන බවයි.

ඒ අනුව ඇල්ල ඔඩිසි දුම්රිය ගමන් වාරයක් බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.45ට ගමන් ආරම්භකොට පෙරවරු 10.58ට අඹේවෙල දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිත බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ඇල්ල ඔඩිසි අනෙක් දුම්රිය ගමන් වාරය  අඹේවෙල සිට පස්වරු 1.30ට ගමන් ආරම්භ කර පස්වරු 4.15ට බදුල්ල දුම්රිය ස්ථානය වෙත ළඟා වනු ඇති.

මගී ඉල්ලුම අනුව ‘ඇල්ල ඔඩිසි’ සංචාරක දුම්රියේ ධාවන වාර ගණන ඉදිරියේදී වැඩි කිරීමට නියමිතයිග

ඊට අමතරව පාසල් සිසුන් සඳහා පාසල් පැවැත්වෙන දිනවල නාවලපිටිය සිට හැටන් අතර සහ මහනුවර සිට වත්තේගම අතර දුම්රිය ධාවනය ද මේ වනවිට ආරම්භ කර ඇති බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන පුලතිසි නගරාන්නතර දුම්රියද සිකුරාදා සිට ධාවනයට එක් කිරීමට සැලසුම් කර තිබේ.