.webp)
-608153.jpg)
COLOMBO (News 1st) - ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ අවසන් දුරුතු මහා පෙරහැර ද රාත්‍රියේ වීදි සංචාරය කරයි.
විහාරාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි උඩරට පහතරට සබරගමු නර්තානාංග රැසකින් සහ අලි ඇතුන් සහිතව අද රාත්‍රී 08ට පෙරහැර වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිතයි.
පෙරහැර කරඩුව වැඩම කරවීම සිදුකරනු ලබන්නේ කණ්ඩුල හස්තියා විසින් ය.
දුරුතු මහා පෙරහර හේතුවෙන් කැළණි රාජමහා විහාරස්ථානය ආශ්රිත මාර්ග වල රථ වාහන ධාවනය අද රාත්‍රියේ සීමා කරන බව පොලිසිය ජනතාවට දැනුම් දෙයි.
