.webp)
-608129.jpg)
COLOMBO (News 1st) -
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ ජනතාව යළි නඟා සිටුවීම සඳහා ගම්මැද්ද තවත් වැඩසටහනක් අද ආරම්භ කරයි.
ඒ, කොත්මලේ ගාමිණි දිසානයක ජාතික පාසලේදී ය.
උදෑසන 8.30 ට ආරම්භ වන ගම්මැද්ද ‘Care & Dare’ වැඩසටහන දවස පුරා පැවැත්වෙයි.
මේ යටතේ ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් වෛද්‍ය සේවා, උපදේශන සේවා, නීති උපදේශන සේවා ලබා දීම සිදු කෙරෙන අතර සහනාධාර ලබාදීමත් සිදු කිරීමට නියමිතයි.
වෛද්‍ය සේවා ලබා දීම සිදු කරන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයයි.
ඒ සඳහා ගුවන් හමුදා වෛද්‍යවරුන් එක්වෙයි.
ආපදා හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වූ සහ ස්වයං රැකියා අහිමි වූ ජනතාව වෙනුවෙන් විශේෂ උපදේශන සේවා ද එහිදී ක්‍රියාත්මක වීමට නියමිතයි.
ඊට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය හෙවත් නයිටා ආයතනය ගම්මැද්ද සමඟින් අත්වැල් බැඳගෙන සිටී.
ආපදාවෙන් අස්ථානගත වූ උප්පැන්න ඇතුළු වැදගත් ලිපි ලේඛන ලබා දීම සඳහා කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ද එම වැඩසටහන සමගින් එක්වෙයි.
එමෙන්ම කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් ගර්භණී මාතාවන් සහ අඩුවයස් දරුවන් වෙනුවෙන් විශේෂ සේවා ලබා දීමට ද නියමිතයි.
මීට අමතරව ආපදාවට ලක්වූවන්ට වියළි සලාක ලබා දීම, ගෘහ උපකරණ ලබාදීම සහ කාන්තා හා පුරුෂ සනීපාරක්ෂක පැකේජ ලබා දීම ගම්මැද්ද හරහා සිදුවෙයි.
